Colombo Today Local News

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

රේගු නිලධාරීන් පිරිසක් විදේශ ගතව සිටියදීත් වැටුප් ලබාගෙන තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබේ.

තවද රේගු ප්‍රධාන කාර්යාලයේ භාවිත කෙරෙන ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය අක්‍රීය තත්ත්වයේ පවතින බව ද කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහන් කරයි.

කෙසේ වෙතත් එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.

මේ අතර රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බවකි.

තවද ඔවුන් සඳහන් කර ඇත්තේ රාජකාරියේ ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවත් ය.

මේ අනුව ප්‍රායෝගිකව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව දැනුම් දී ඇත.

තවද ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින වගකීමක් බවද කමිටු සාමාජිකයෝ පෙන්වා දී ඇත.

එම වාර්තාව කෝපා කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

Related posts

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday