World

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා පවසයි. එම වාර්තාවල දැක්වෙන්නේ ටෝකියෝ නුවරින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවයි.

එලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල්වල කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ.

ඊයේ දිනයේදී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177 දෙනෙකු හඳුනාගෙන තිබුණි. පවතින තත්ත්වය හමුවේ ටෝකියේ නුවර ආසන්න ප්‍රදේශ 03 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ජපානය තුළ මෙලෙස කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වී තිබෙන්නේ 2020 ඔලිම්පික් උළෙල ටෝකියේ නුවර පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළයි. කොරෝනා පැතිරීම හේතුවෙන් ටෝකියෝවට මේවනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට ද මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද අයත්.

පවතින තත්ත්වය හමුවේ හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙයසි ජපන් බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔලිම්පික් තරග නැරඹීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ලෙස ද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර ඔලිම්පික් උළෙලේ ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වූ තිබේ. ඒ රන් පදක්කම් 13 සමගයි. චීනය දෙවන ස්ථානයෙත්, අමෙරිකාව 03 වන ස්ථානයෙත් මේවන විට පසුවෙයි.

Related posts

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday