Colombo Today Local News

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන බාලවයස්කරුවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් අද (27)දින විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද හැටන් ඩයගම ප්‍රදේශයට පැමිණ අදාල ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර දැරියගේ දේහය යළි ගොඩගෙන පරීක්ෂණ සිදුකරන ලෙස ඊයේ අධිකරණය දැනුම්දුන් අතර ඒ සමග අද දිනයේ දැරිය මිහිදන් කළ සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

කෙසේවෙතත් මෘත දේහයක් යළි ගොඩ ගැනීමේදී අනුගමනය කළයුතු නීතිමය ක්‍රියාමාර්ග පවතින බැවින් ඊට අදාළව ඉදිරි දින කිහිපය තුළ දැරියගේ සිරුර ගොඩගැනීම සිදුකරනු ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, මාමණ්ඩිය, මස්සිනා හා තැරැව්කරු නිරෝධායනය සඳහා බෝගම්බර හා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Related posts

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

colombotoday

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෙනස් කර ගැසට් කරලා.. GMOA කඩුව වනයි..

colombotoday

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday