Colombo Today Local News

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

මෙරට පසුගිය වසර 20 තුළ මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් පමණ ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

පුවක් භාවිතය මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා බහුල වන බවත් කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට මෙම මුඛ පිළිකා රෝග තත්ත්වය අයත් බවද එම ඒකකය පෙන්වා දෙයි.

2019 වසරේ දී නව මුඛ පිළිකා රෝගීන් 2,700ක් පමණ වාර්තා වී ඇති බව පෙන්වාදෙන ජාතික පිළිකා මර්දන ඒකකය දෛනිකව මුඛ පිළිකා ආශ්‍රිත මරණ දෙකක් හෝ තුනක් සිදුවන බවද සදහන් කළේය.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ පසුවන අතර අවසන් අවදියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු ජීවත්වීමේ හැකියාව ද අඩුවන බව එම ඒකකය සඳහන් කරයි.

මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන්, ප්‍රතිකාර කිරීම මගින් රෝගය උත්සන්නවීම වළක්වා ගත හැකි බවද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

මේ අතර ලෝක හිස සහ ගෙළ ආශ්‍රිත පිළිකා දිනය අදට (27) යෙදී තිබේ.

Related posts

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

ඉන්දන මිල ඉහල දමනවාද? ඇමති ගම්මන්පිල බලාපොරොත්තු වන දේ..

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday