Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන බව පැවසෙන කාන්තාවකගෙන් එම කටයුත්ත දිගටම කර ගෙන යෑම සඳහා රු 15,000ක මුදල් පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඉල්ලා ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව එම කාන්තාව සිදුකළ පැමිණිල්ලක් මත කප්පම් මුදල ලබාදෙන අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගවට ගත් බවත් ඔවුන් දෙදෙනා යුද හමුදා සෙබළුන් බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මේ අතර පෙරේදා දිනයේ දී සීදුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඡාවාරම් සිදුකරන පුද්ගලයෙකු යැයි පැවසෙන පුද්ගලයෙකුගේ නිවසට පැමිණි පුද්ගලයෙක් විසින් රු80,000ක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යෑම සඳහා එම මුදල් ඉල්ලා ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මීගමුව කොට්ඨාස විමර්ශන ඒකකය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ද යුද හමුදා සෙබළෙක් බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සෙබළුන් තිදෙනා අද (22)දින හලාවත සහ මීගමුව අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවත් ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් හමුදා නීතිය යටතේ උපරිම දඬුවම් ලබාදෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

Related posts

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday

මාස 6 කට වැඩි කාලයක් සිරබාරයේ සිටින නාවික බුද්ධි විරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

colombotoday

රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයි

colombotoday