Colombo Today Local News

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තිහක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (22) උදේ 10ට උද්ඝෝෂණයක් පැවැත්වේ.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව ඇතුළු වෘත්තීය සමිති තිහක් මෙම උද්ඝෝෂණයට එක් වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

මෙම උද්ඝෝෂණයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් පවත්වා එහිදීද විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සමග පෙරේදා (20)දින පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම නිසාය.

Related posts

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන රජය ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin