තම සහෝදරියගේ මරණය 100% ක් සැක සහිත බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනිගෙන මියගිය දැරියගේ සහෝදරයා අද (20) හැටන් ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුරදී සඳහන් කර සිටියා.
තමන් කුමක් කලත් නංගි ආයේ එන්නේ නැති බව දන්නා නමුදු තම සහෝදරියට සිදුවෙවේ කුමක්ද යන්න දැනගන්න ඕනි බව සඳහන් කර සිටි ඔහු නංගිව පිච්චුවාද පිච්චුනාද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් පැවසීය.