Colombo Today Local News

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයන්ට කඩිනමින් දඬුවම් ලබාදිය යුතු බව පවසමින් හැටන් නගරයේදී අද (18) විරෝධතාවක් පැවැත්විය.

අදාළ දැරිය පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට පත්විණි.

ඉකුත් වසරේ ඔක්තොම්බර් මස අදාළ දැරිය බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබුණේ ඇය පදංචිව සිටි ඩයගම ප්‍රදේශයේ තැරැව්කරුවෙකුගේ මාර්ගයෙනි.

පිළිස්සුම් තුවාල සහිතව ජූලි 03 වැනිදා රෝහල්ගත කළත් ඉකුත් 15 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඇය 16 හැවිරිදි වියෙහි පසුවූ අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ ඇය ලිංගික අපයෝජනයට ලක්ව බවය.

දැරියගේ දේහය ඩයගම පිහිටි ඇඟේ නිවස වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබීය.

දැරිය අපයෝජනය කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද හැටන් නගරයේදී විරෝධතාවක් පැවැත්විය.

එම විරෝධතාව සඳහා කඳුරට ජනතා පෙරමුණේ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියේය.

මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඊයේ ඇතුළත් කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රෝහලේ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

හැටන් සුදත් එච්. එම්. හේවා

Related posts

සඟරුවනට නීති එයි.. ව්‍යාපාර, ලයිසන්, ගුරුකම් තහනම් – පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මන්ත්‍රී සනත් නිශාන්ත හා මොරටුව නගරාධිපතිට ඇප

colombotoday

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin