Colombo Today Local News

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරයි.

මෙම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.

ඇයව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බවටද අනාවරණය වී තිබේ.

එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පසුගිය ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15)දින මිය ගියේය.

Related posts

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday