Colombo Today Local News

සමගි ජන බලවේගයත් එකතු කරගෙන රනිල් ආණ්ඩුව එක්ක හැප්පෙන්න යයි.

ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග”හැප්පිය” යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණකි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝග වලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේග සහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යායුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මන්ත්‍රී වැඩමුළුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday

කටුගම්පල සමුපේ ජය ශ්‍රීලනිපයට.. ශ්‍රීලනිප 101 යි, එජාපය 26යි !

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday