Colombo Today Local News

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සුදානම් බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ජූලි 01 වන දින සංවිධානය කළ විශේෂ ද්විපාර්ශ්වික සැසිවාරයකදී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ඉන්දියාවට සතුටට කරුණක් බවයි.

ශ්‍රී ලාංකිකයන්ට ආහාර සුරක්‍ෂිතතාවය ළඟා කර ගැනීම සඳහා ඉන්දියාව සතු අත්දැකීම් ලබාදීමට මෙහිදී එකඟතාව පළකර ඇති අතර ඉන්දියානු සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ (Organic Centre of Excellence) පිහිටුවීමටද යෝජනා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ජෛව පොහොර නිෂ්පාදනය සඳහා ‘ඒකාබද්ධ ව්‍යාපාරයක්’ පිහිටුවීමේ හැකියාව ගවේෂණය කරන ලෙස මෙහිදී මහ කොමසාරිස්වරයා දෙරටේ ජෛව පොහොර සමාගම්වලින් ඉල්ලා තිබේ.

ඉන්දියානු බලප්‍රදේශයට අයත් ‘සිකීමය’ (Sikkim) 2016 දී සියයට සියයක්ම කාබනික කෘෂිකර්මාන්තය අනුගමනය කළ ලොව ප්‍රථම ප්‍රාන්තය බවට පත්කිරීම පිළිබඳ අත්දැකීම් මෙම සාකච්ඡාවට සහභාගීවූ සිකීමයේ කාබනික ගොවිතැන් සංවර්ධන ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. අන්බලගන් විසින් හුවමාරු කරගෙන ඇත.

මෙම සැසිවාරයට ලංකා වාණිජ මණ්ඩලය, ඉන්දියානු කර්මාන්ත සම්මේලනය, දෙරටේම ජෛව පොහොර නිෂ්පාදන සමාගම් සහ රාජ්‍ය ඇමැතිවරුන් වන සීතා අරඹෙපොළ හා ශෂින්ද්‍ර රාජපක්ෂ සහභාගී වී ඇත.

Related posts

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday

හෙරොයින් ග්‍රෑම් 800ක් සහ රුපියල් මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday