Colombo Today Local News

ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් චෝදනාවලින් නිදහස්

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් නිදහස් කිරීමට කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02)දින නියෝග කළේ ය.

ඒ එම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ය.

නඩුව පවරා තිබුණේ, තංගල්ල වීරකැටිය මැද මුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා මෙන්ම විත්තිකරුවන් හා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලු විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.

නඩුවට පාදක වු එම ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට වැය වූ සියලු මුදල් මේ වනවිට ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් ගෙවා ඇති බව එම සංස්ථාවේ සභාපතිවරයා නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(1) උප වගන්තිය අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීමක් නොකරන බව දැනුම්දීමක් වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබී ය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 6 දෙනා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේ ය.

Related posts

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

colombotoday