Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් සැපයීම සදහා අද සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ කොන්දේසි අනුව කටයුතු කරන බවයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ නිලධාරීන් සතියකට දින දෙකක් පමණක් සේවයට කැදවීමට, දිවයින පුරා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ තවදුරටත් නතර කිරීම සිදුවන බවද එම නිවේදනයේ සදහන් වේ.

කෙසේ වෙතත් අනෙකුත් සේවාවන් ඉටු කරගැනීම සඳහා 0112 677 877 යන දුරකථන අංක ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

පළාත් අතර සංචාරණ සීමා ක්‍රියාත්මක වන බැවින් වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවලින් සේවාවන් සපයනු ලබන්නේ බස්නාහිර පළාතේ පුරවැසියන්ට පමණක් බවත් ඒ මහතා පැවසීය.

වාහන ලියාපදිංචිය සඳහා යම් පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය නම් 070 7677 877 යන දුරකථන අංකයටත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් 070 7677 977 යන දුරකතන අංකයටත් රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අමතන ලෙසත් අලහකෝන් මහතා ඉල්ලා සිටියි.

Related posts

හොරට හරක් විකුණා අතේ මාට්ටු.. මාධ්‍ය හමුවේදී පි.හැරිසන්ගේ තොලකට වේලෙයි.. දිව පැටළෙයි (Video)

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin