World

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

කොරෝනා වසංගතයේ අතුරැ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා ළමුන් යොදා ගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ළමුන් සහ සන්නද්ධ අරගල පිළිබද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාකදී මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඉන්දියාව විසින්.

එම සාකච්ඡාව අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්දන් ශ්‍රින්ග්ලා සදහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ළමුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය, පවුලේ රැකවරණය, සෞඛ්‍ය පහසුකම් ආදිය අහිමිව සමාජ අර්බුද රැසක⁣⁣ට මැදිව ඇති බවයි.

මෙම දුර්වල තත්වය ප්‍රයෝජනයට ගෙන එම ළමුන් ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ කර ගැනීමේ තත්වයක් ගෝලීය වශයෙන් මතුව ඇති බව ඔහු එහිදී හෙළිදරව් කර තිබෙනවා.

අදාළ ළමුන්ගේ දුර්වල සමාජ තත්වය හේතුවෙන් ඔවුන් පහසුවෙන් ත්‍රස්ත සංවිධානවගට බදවා ගැනීම මෙන්ම බලහත්කාරයෙන් පැහැරගෙනයාමටද ලක්වන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇත්තේ.

මෙම තත්වය වහාම වෙනස් කළ යුතු බවටත් ඒ සදහා රටවල් වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ රැස්වීමට එක්වූ ජගත් ආරක්ෂක මණ්ඩල නි⁣යෝජිතයන් එකගතාවය පළකළ බව සදහන්.

Related posts

ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි !

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

Admin

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin