Colombo Today Local News

මත්ද්‍රව්‍ය දා හැදූ මුද්දර 1,100ක් සමග අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මුද්දරවල තැවරු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 55 පමණ වන බවට ගණන් බලා තිබේ.

35 හැවිරිදි සැකකරු කොට්ටාව ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු සමඟ එක්ව විදේශ රටකින් ගෙන්වන ලද අදාළ මත්ද්‍රව්‍ය සහිත මුද්දර තොගය අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිස් විශේෂ කාර්යය බළකාය පැවසුවේය.

අත්අඩංගුවට පත් පුද්ගලයා අවුරුදු 28ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

එම පුද්ගලයා මියගිය ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොත්ති උපලි යන අයගේ පුතෙකු වන බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Related posts

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday

රනිල්ට 54%ක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin