Colombo Today Local News

වෙහිකල් ලංකා සමාගම හරහා කෝටි ගණනක බදු වංචාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක්

වාහන ආනයනය කිරීමේදී මෙරටට හිමිවන බදු ආදායම අහිමි කරමින් ජපානයෙන් වාහන ගලවා මෙරටට ගෙන්වා යලි එකලස් කර විකිණීම සඳහා වෙහිකල් ලංකා සමාගම ට අවසර ලබාදෙමින් කැබිනට් පත්‍රිකාවක් දමා ඇති බවත් ඒ හරහා හරහා කෝටි ගණනක බදු වංචාවක් සිදුවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර සිටියා.

යහපාලන රජයේ Top 10 වංචාව පිළිබඳව එවකට විපක්ෂය වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු හඬ නැගූ බවත් එම Top 10 වංචාවේ එක් වංචාව ලෙස මෙම වාහන කොටස් ආනයනය කර එකලස් කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කර තිබූ බවත් සඳහන් කර සිටි වසන්ත සමරසිංහ මහතා මෙම කැබිනට් පත්‍රිකාව පරාජය කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා.

බාන්ඩාගාරයට ආදායම් අහිමි කරමින්, යාලුවෝ ටික ආදායම බෙදාගන්නවා රාජපක්ෂ භාණ්ඩාගාරයත් එක්ක යැයි ඒ මහතා චෝදනාවක් ද කළේය.

Related posts

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday