Colombo Today Local Newsfeatured

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනා මත දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (24) පොසොන් පොහොය නිමිත්තෙන් ලබාදෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බොහෝ දුරට නිදහස් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

අද දහවල් ඒ මහතා නිදහස් කිරීමට නියමිතව ඇති බවට ලැබුණු ආරංචිය මත එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ද බන්ධනාගාරය අසලට පැමිණෙමින් සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන 5ස් දෙනාට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

Related posts

මහ මැතිවරණයට පෙර නාමල් අත්අඩංගුවට ගන්න සූදානම්?

Admin

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

colombotoday

රවී නිරුත්තර වෙයි.. අගමැති රනිල්, ඇලෝසියස් ගේ “ගනුදෙනු” දුරකථන වාර්තාවෙන් එළියට එයි !

colombotoday

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday