Colombo Today Local News

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගම පාරිභෝගිකයින් ගසා කන බව අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා අද(23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් අන්තර්ජාලය හරහා බොහෝ දේ සිදුකිරීමට සිදුවී තිබෙන බවත් අන්තර් ජාල සේවා සපයන, ෂෙයික් අබ්දුල් කලීඩ් ගේ ඩයලොග් සමාගම සිය සේවාව නිසිපරිදි ජනතාවට ලබා දීමට අපොහොසත් වී තිබෙන බවත් සඳහන් කර සිටි ඒ මහතා Dialog අන්තර්ජාල සේවා ලංකාවේ තිබෙන අනෙක් සමාගම්වලට වඩා ඉතාමත්ම මන්දගාමී තත්වයකට පත්වී තිබෙන බවත් පැවසීය.

එකවර විශාල පාරිභෝගිකයන් ප්‍රමාණයක් සිය සේවා ලබා ගැනීම හේතුවෙන් අන්තර්ජාල සේවා මන්දගාමී වීම සිදුවෙන බවට Dialog සමාගම පවසන බවත් එයින් පැහැදිලි වන්නේ , ඔවුන්ගේ පාරිභෝගිකයන් ප්‍රමාණයට සමාන වන පරිදි ඔවුන් සතුව සේවා ධාරිතාවය නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට විශේෂ වගකීමක් තිබෙන බවත් ඔහු මැදිහත්වී පාරිභෝගිකයින්ට සාධාරණයක් සිදුවිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

DIG නාලක සිල්වාට ඇප…

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin