Covid 19

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

‘ඩෙල්ටා’ කොරෝනා ප්‍රභේදය ආසාදිත කාන්තාවක් මාදිවෙල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍යය අමාත්‍යාංශය පැවසුවේ, 53 හැවිරිදි එම කාන්තාව ප්‍රතිකාර සඳහා IDH රෝහළට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර පසුගිය 17 වනදා ‘ඩෙල්ටා’ ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 5 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනා ගැනිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, සාම්පල් 13 කින් මෙම 5 දෙනා හඳුනා ගත් බවයි.

මීට පෙර ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන තිබුණේ, නිරෝධායන මධ්‍යස්ථානවලිනි.

‘ඩෙල්ටා’ ලෙස හැදින්වෙන්නේ, ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් – 19 වෛරස ප්‍රභේදයයි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday