Colombo Today Local News

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටි සිංහයාට කොවිඞ් ආසාදනය වීමේ සිද්ධියත් සමග එම සත්වෝද්‍යානයේ සේවකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලදී සත්වෝද්‍යාන සේවකයකුට කොවිඞ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇතැයි වාර්තා වේ.

එම සේවකයා ඊයේ(18) දිනයේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ හා එහි වැඩබිමේ සේවකයන් 30 දෙනකුට පමණ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවන් සිදුකර තිබුණි.

එසේම අනෙක් සතුන් ද නිරෝධායනය වෙමින් සිටින බවත්, ඉදිරියේදී තවත් සතුන්ගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බවත් වාර්තාවේ.

Related posts

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

පොහොට්ටුවෙන් රනිල්ට රනිල්ගෙන් දිලිත්ට

Admin

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday