Colombo Today Local News

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

වැලිගම මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇතැයි, අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නදුන් චින්තක නමැත්තා ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කර ඇතැයි ද, පොලිසිය පැවසී ය.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්, අනාවරණ වෙමින් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන සබඳතා විශ්ලේෂණය කිරීමට ද, පියවර ගෙන ඇති බවයි.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 19 වනදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරිමට අධීකරණයේ අවසර හිමිව තිබේ.

වැලිගම මුහුදේ ක්‍රියාත්මක වු මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණ කර ගැනීමට ආරක්ෂක අංශ පසුගිය දා සමත්විය.

එහිදී රුපියල් මිලියන 1758 ක් වටිනා කිලෝග්රෑම් 219 අධික බරකින් යුත් හෙරොයින් තොගයක් ආරක්ෂක අංශ භාරයට ගැනිණ.

Related posts

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

ජනපතිගේ යෝජනාව ඒකාබද්ධය පිලිගනී.. මහින්ද ඇගමැති කර සන්ධාන ආණ්ඩුවක්…

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday