Colombo Today Local News

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

අද (14)දින උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට මං තීරුවේ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ, මළ අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද උදෑසන මෙම අලුත්වැඩියාව සිදු කරන බව කොළඹ මහනගර සභාව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව රථවාහන පොලීසිය මුහුදු මාර්ගය ඔස්සේ රථ වාහන හරවා යැවීමට කටයුතු කරනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඒ අනුව අලුත්වැඩියාව නිම වන තුරුම ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරෙන අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය රථවාහන රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

colombotoday

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday