Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ ජී එස් පී ප්ලස් බදු සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සම්මත කර ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු නොකිරීම බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් සහ විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබේ. ඡන්දය දීමෙන් වැළකී සිට ගණන 40ක්.

යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය සඳහා තල්ලුවක් ලෙස ජී එස් පී ප්ලස් බදු සහනය යොදා ගන්නා ලෙසයි. එම සහනය මගින් රටේ අපනයනකරුවන් සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට දිරිගැන්වීමක් ලබා දෙන බව එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Related posts

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

Admin

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday