World

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

බලයෙන් ඉවත් කළ මියන්මාර නායිකා අවුන්සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කර තිබේ.

මියන්මාර හිටපු නායිකාවට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති විශාලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් හා රත්‍රං අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට එරට මිලිටරි කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසකට ද හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කර තිබේ.

හමුදා පාලනය විසින් මියන්මාරයේ බලය ලබාගැනීමත් සමග පසුගිය පෙබරවාරි මස පළමුවැනිදා අත්අඩංගුවට ගත් අවුන්සාන් සුකී මේ වන විට නිවාස අඩස්සියේ පසුවෙයි.

Related posts

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin