Colombo Today Local News

දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කල අයෙක් අත්අඩංගුවට | දැරිය මිලදී ගත් අය සොයා මෙහෙයුම් අරඹයි

අන්තර් ජාලය ඔස්සේ බාල වයස්කාර දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දැරිය රඳවා ගෙන ඇයගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ කරමින් ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවයි.

15 හැවිරිදි එම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මවගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දැරිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

Related posts

නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර හරියට සම්මත කරගන්න – ජනාධිපති පක්ෂ නායකයන්ට කියයි

colombotoday

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday