Colombo Today Local News

සේරුවිල විහාරාධිපති පත් කිරීමේ බලය ඇත්තේ මහනායක හිමියන්ටයි. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමියන්ගෙන් නිවේදනයක්

සේරුවිල මංගල රජමහා විහාරය ශත වර්ෂයකට ආසන්න කාලයක් පාලනය වූයේ ද දැනට පාලනය වන්නේ ද අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය පාර්ශවය යටතේ බවත් එම නිකාය පාර්ශවයට අයත් අනෙකුත් විහාරස්ථාන වලට මෙන් සේරුවිලට ද විහාරාධිපති පත් කිරීමේ බලය හිමි වන්නේ එම නිකාය පාර්ශවයේ මහා නායක හිමියන්ට බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහනායක ගන්තුනේ අස්සජි මහ නාහිමි සඳහන් කර සිටියහ.

“චෛත්‍ය සංවර්ධන සමිතියට පැවරුණු කාර්ය භාරය චෛත්‍ය ගොඩනගා අවසන් වීමත් සමගම අවසන් වෙයි. විහාරස්ථානයේ සංවර්ධනයට සහාය විය හැකි වුවද විහාරාධිපති නම් කිරීමේ බලයක් එම සමිතියට තිබිය නොහැකිය. අතීතයෙහි එබඳු බලයක් ආරෝපණය කරගෙන තිබුණා නම් එය ක්‍රම විරෝධී ය. ලංකා ශාසනික සම්ප්‍රදාය එකඟ නැත. මෙම අවස්ථාවේ අනිවාර්යෙන්ම නිවැරදි විය යුතුය. එබැවින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ පිළිගැනීම නිවැරදි බවත් එයම තහවුරු කළ යුතු බව ප්‍රකාශ කරමි.” යනුවෙන් අදාළ නිවේදනය මගින් පෙන්වා දෙති.

Related posts

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

විදේශ ගතවීමට ඉඩ සැලසෙන ආකාරයෙන් නාමල් රාජපක්ෂගේ නඩුවක් ආසන්න දිනයකදී කැඳවන්නැයි ඉල්ලීමක්

colombotoday