Colombo Today Local News

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

කොවිඩ් -19 සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් මෙන්ම මහා පරිමාණ ගොවීන් ද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී.

ඒ අනුව සංචරන සීමා පනවා ඇති අවස්ථාවන්හි දී අලෙවි කර ගත නොහැකි පලතුරු හා එළවළු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන් මඟින් මිලදී ගැනීමට නියමිතය.

එසේම මිල දී ගත් එළවළු හා පලතුරු තොග සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

පතලක් කපමින් සිටි පුද්ගයෙක් පස් කණ්ඩියක් කඩාවැටී මරුට

Admin

කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday