Colombo Today Local News

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබේ.

අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05)දින අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කළේය.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday