Colombo Today Local News

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් මහතා පවසයි.

මේ අතර, අදාළ නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් දීමට විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීතිපතිවරයාගේ අධීක්ෂය යටතේ, අදාළ කණ්ඩායම ක්‍රියාත්මක බවය.

මේ වන විටත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ ඒ රාජ්‍ය ආයතන වෙත ලබා දෙමින් ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.

Related posts

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday