Colombo Today Local News

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට මුසු වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ජලයේ pH අගය වෙනස් වී නොමැති බව නාරා ආයතන සිදු කළ මූලික පරික්ෂණවලින් අනාවරණ වී තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ ආයතනයට අයත් සමුද්‍රිකා නෞකාව අනතුරට පත් නැව ආසන්නයට ගමන් කළ බවයි.

එහිදී නැව පවතින ස්ථානයේ සාගර පතුලෙහි මඩ ඇතුළු සාම්පල කිහිපයක් ලබාගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනිම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ආයතන ප්‍රධානින් සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කරන ලෙස තමා යෝජනා කළ බවයි.

මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිස්ත්‍රික්ක 05 ක මුහුදු වෙරළට ගොඩ ගසා ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් රැස්කරමින් සිටී.

Related posts

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday