Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝගයක් නිකුත් කළේය.

ඒ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගියදා කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(31)දින ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මේ අතර නැවේ අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට දැඩි පරිසර හානියක් ද සිදුවිය.

Related posts

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday