Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

2021-06-01 වන දින වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ල අසල ජලය පිටතට බැසයන කාණුවේ පිටත විවරයක් තුලින් ඉතා සූක්ෂමව රෙදිවලින් ඔතන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් කාන්තා අංශය තුලට දමා තිබියදී රාජකාරියේ යෙදී සිටි නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද පාර්සලය තුල පහත සඳහන් තහනම් ද්‍රව්‍ය අඩංගු වී ඇත.
• ජංගම දුරකථන10 ක්
• ජංගම දුරකථන බැටරි 14 ක්
• ජංගම දුරකථන සිම්පත් 11 ක්
• ජංගම දුරකථන චාජර් 01 ක්

අත්අඩංගුව ගන්නා ලද ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

Related posts

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

අයි ටී එන් නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

colombotoday

ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සහයකයන් සමග අපට කිසි ගනුදෙනුවක් නැත – ත්‍රස්තයන් මර්ධනය කරන හැටි පූටින්ගෙන් ඉගෙන ගන්න…

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

colombotoday