Colombo Today Local News

මත්පැන් බෝතල් 9,240ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් වාලච්චේනේදී අල්ලයි

සංචරණ සිමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කළ රුපියල් කෝටියකට අධික මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වාලච්චේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම මත්පැන් වාලච්චේන, රිදීතැන්න මාර්ග බාධකයේදී ලොරි රථයකින් ප්‍රවාහණය කරමින් සිටියදී සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙහිදී මත්පැන් බෝතල් 9,240ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම එක්කෝටි 70 ලක්ෂයකට ආසන්න බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday