Colombo Today Local News

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.

එලෙස භාර වූ නගරාධිපතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව ප්‍රදේශයේ ඊයේ (27)දින ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා එලෙස පොලීසියට භාර වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මොරටුව නගරාධිපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා නගරාධිපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday

එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් Asia Recycling සමාගම ගබඩා කරලා. ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක්

colombotoday

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

colombotoday