BusinessColombo Today Local News

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

“සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ” මැයෙන් Colombo Today පලකල පුවතින් පසුව Dialog ආයතනය නියෝජනය කරමින් Sadiq Javadh නැමති මහත්මයෙක් අප වෙත email පණිවුඩයක් මගින් ගැටලුකාරී තත්වය මතුව තිබෙන ගම්මානය පිළිබඳව කතා කිරීම සඳහා දුරකථන අංකයක් ලබාදෙන ලේඅස් ඉල්ලීය. පසුව අප විසින් පූජ්‍ය සුවන්දගොඩ ජන්දවිමල හිමියන්ගේ දුරකථන අංකය ලබා දෙන ලදි.

ඉන් පසුව විහාරස්ථානයට Dialog කණ්ඩායමක් පැමිණ ඇති අතර සිග්නල් ප්‍රශනය විසඳීම සඳහා ඇන්ටනාවක් සවිකර දී රුපියල් 3000 ක මුදලක් ස්වාමින් වහන්සේගෙන් අය කරගෙන ඇත.

ඒ ආකාරයෙන්ම ගම්මානයේ අනෙක් නිවාසවලටද සිග්නල් ලබා දීම සඳහා එක් නිවසකින් රුපියල් 3000 ක මුදලක් අයකරගෙන ඇන්ටනාවක් සවිකර දීමේ ප්‍රොමෝෂන් එකක් Dialog ආයතනය ආරම්භ කර ඇත්තේ ගම්මානයේ ජනතාවගේ දුක අස්සේ තමන්ගේ මඩිය තර කර ගැනීමේ තුච්ඡ චේතනාවෙන් වීම කනගාටුදායක තත්වයකි.

ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුනේ බලය වැඩිකරනවා වෙනුවට එදා වේලා අමාරුවෙන් සොයාගන්නා අහිංසක ගම්මුන්ගෙ තුට්ටු දෙකට විදීමට Dialog ආයතනය කටයුතු කිරීම පිළිකුල් සහගතය.

ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කරන Dialog ආයතනය මෙම ගම්මානයේ මතුව ඇති සංවේදී ගැටලුව අස්සේ ගානක් කඩා ගැනීමට උත්සහ දැරීම අදාළ සමාගම ජනතාව ඉදිරියේ නිරුවත් වීමකි.

Related posts

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ

colombotoday

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

colombotoday

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

ඇමති විදුර වික‍්‍රමනායක පිස්සෙක්.. එවන් පිස්සෙකු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි. – මහින්ද පතිරණ

colombotoday