Colombo Today Local Newsfeatured

සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ

ජිවතතයේ කටුකබව අමතක කොට තාක්ෂිණික සයිබර් පංතියට යන්න ඉනිමගෙන් වහලයට යන මේ අයට සරණයක් වෙන්න බැරිද?
ඔන්ලයින් ඉගැනිම පිළිබදව සීතල කාමර වල සිට විවිධ තර්ක විතර්ක කරමින් චක්‍රලේකන ගහන කොලඹ පාසල් වල ඔන් ලයින් මෙහේයුම් පංති ආදර්ශයට ගන්න කියන අධ්‍යාපන බලධාරින් මේවා දන්නවාද ?

කොරොනා වසංගතයත් එක්ක වැසුන පාසල් පද්දතිය නැවත අරින තෙක් නිවෙස්වල තනිවු දරුවන්ට මෙම දිනවල ඔන් ලයින් උගන්වන්න දෙමාපියන් ව‍ගේම ගුරුවරුන්ද දූ දරුවන්ද වෙහේසෙති.

මේ කතාව ඔන් ලයින් ඉගන ගන්න පරිගනකයත් අරන් නානකාමරයේ වහලය මත නගින හාමුදුරුවන් වහන්සේ නමක් හා දරුවන් පිළිබදවයි.

ඔන් ලයින් උගන්වන්න පංසලේ හාමුදුරුවන් වගේම ඉගනගන්න ගම්මුන්ගේ දරුවන් ද පංසලේ වැසිකිලියේ වහලයට නගිති දවසට දෙතුන් වතාවක් ඒ ගමේම ‍හොදින් 4ජි සංඥා ලැබේන ස්ථානය විමයි…

මුන්වහන්සේ අපිට හමුවුනේ මාතලේ දිස්ත්‍රිකකයේ ලග්ගල මැතිවරණ ආසනයේ නාවුල ප්‍රාදේශිය ලෙකම් බල ප්‍රදේශයේ නුතන තාක්ෂණයෙන් හුදකලා අකරහාඩුවනම් ගමක දීය ඒ මහනුවර යුගයේ සිටි රජ වරුන්ට ආයුධ තන්න ඇවැසි යකඩ සැපයු සොයාදුන් ගම හෙවත් ආකර (යකඩ) හාඩුව අද බොව තැන්න ජලාශය ඉදිකිරිමත් සමගින් හුදකලා වි ඇත. එයනාවුල නගරයේ සිට කිලොමීටර් 5ක් 6ක් පමණ දුරින් එහි වෙසෙන ගම්මුන්ගේ ප්‍රධාන ආධායම් මාර්ගය ගොවිතැන් කිරිම වන අතර ජනතාව අනාරක්ෂිතව වන අලින්ගෙන් වන හානි වලකාගෙන කිසිවෙකුට කරදරයක් නැතිව ජිවත් වෙති.
එම ගමේ වත්මන වන වි‍ට පාසල් යන දරුවන් 60 70ක් පමණ වෙසෙන අතර වර්තමානයේදි දරුවන් වෙනුවෙන් ඔන් ලයින් උගන්වන්න දෙමාපියන්ට දැඩි වෙහේසක් විදින්න සිදුව ඇත ‍. එක්කෝ පංසලට ආයුතුයි නැතිනම් ගසකට නැගිය යුතුය එසේත් නැතිනම් 4ජි රවුටර් ය කණුවක ගැඩ ගසා වත්තපුරා හෝ ගස් උඩනැග සිග්නල් සංඥා සේවිය යුතුයි.

මාතලේ පලාපත්වල බුද්ධගොෂ මහා විදුහලේ සිංහල හා 6 11 බුද්ධධර්මය උගන්වන ගාල්ල සුවන්දගොඩ චන්දවිමල හාමුදුරුවෝ ඔන් ලයින් උගන්වන්නේ පංසලේ වැසිකිලියේ වහලය මත සිටයි.

ගමේ දරුවන්ද ඔන් ලයින් ඉගන ගන්න ගමේ පංසලේ වහලය මත පංති කාමරයට ඔන් ලයින් පන්ති ඇතිදා නෙවරදවා පැමිනෙති .
ඒපමණක් නොව ගමේ පරිගනක දුරකතන පහසුකම් හො තාක්ෂණ නොමැති දූවා දරුවන්ද පංසලේ වහලයට නැග හමුදුරුවන්ගේ පරිගනකයෙන්ම උන්මවන්සේගේ ඩේටා වලින් වහලය මත සිට ඔන්ලයින් ඉගෙනගනිති.

එසේම සමහර තැනක දේමාපියන් 4ජි රවුටරය සහ විදුලි වයරයක් උණරිටක බැදගෙන සිග්නල් සොයනා යුරු අපට දැක ගන්න ලැබුණි… එය දිනපතාම දෙමාපියන්ගේ කාර්යක් බවට දැන් පත්ව ඇත.

මෙම සියලු දොගේම ඒකම ඉල්ලීම ගමේ දරුවන්ට පාසල් නැති සමයේ දි පාසල් මගින් උගන්වන විෂයන් නිවසේ සිට පහසුවෙන් කරගන්න දුරකතන වල සිග්නල් වැදියුණු කර 4G ලබාදෙන ලෙස ඉල්ලති.

ඔන්ලයින් ඉගැනිම පිළිබදව සීතල කාමර වල සිට විවිධ තර්ක විතර්ක කරමින් කොලඹ පාසල් වල ඔන් ලයින් මෙහේයුම් පංති ආදර්ශයට ගන්න කියන අධ්‍යාපන බලධාරින් මේවා දන්නවාද ?

ජිවතතයේ කටුකබව අමතක කොට තාක්ෂිණික සයිබර් පංතියට යන්න ඉනිමගෙන් වහලයට යන මේ අයට සරණයක් වෙන්න බැරිද ……… මේ බලධාරින්ගේ අවධානයට

මහින්ද උදයසිරි රත්නායක

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday