Colombo Today Local News

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

අද (21) රාත්‍රී සිට මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ,දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන්.

අද මධ්‍යම රාත්‍රියේ සිට 27 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන අතර දුම්රිය ධාවන කටයුතු 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට නියමිතය.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මේ අතර සංචරණ සීමා හේතුවෙන් අද (21)සිට 24 වන සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන ද වසා තැබේ.

දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීම අද (21)දින රාත්‍රී 11.00 සිට සිදු වන අතර 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වේ.

මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00ට යළි පැනවෙන සංචරණ සීමා 28 දින අලුයම 4.00 දක්වා බලපැවැත්වෙයි.

Related posts

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

Video: වෙනසට එහාගිය රැඩිකල් වෙනසක් ඉල්ලන රවී කරුණානායක

colombotoday