World

විනාඩි 25කදී ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් | පලස්තීන විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක්

විනාඩි 25 ක කාලයක් තුළ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබේ.

ඒ, හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමිනි.

ගැටුම් හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 ක් පමණ වේ.

මේ අතර යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නැයි, ඉල්ලමින් පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලිකි, ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක් යොමු කර තිබේ.

ඒ, මානව වර්ගයාට එරෙහිව අඛණ්ඩව සිදුවන අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලමිනි.

මේ දක්වා සිදුව ඇති ජීවිත හා දේපළ හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ද පලස්තීන විදේශ අමාත්‍යවරයා විසින් යොමු කරනු ලැබ තිබේ.

Related posts

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin