World

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර පුද්ගලයින් කණ්ඩායමක් විසින් වෙඩි තැබීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව සඳහන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව රෝඩ් අයිලන්ඩ් පොලීසිය පැවසීය.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා නගර ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday

දෙවන වරටත් ඕස්ට්‍රේලියානු මැතිසබයට ගිය ලාංකික තරුණිය

Admin

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

චීන රොකට්ටුවක සුන්බුන් පාලනයකින් තොරව පෘථිවියට | වැටෙන නැතක් චිනේ දන්නේත් නැතිලු

colombotoday

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday