World

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

ctt

ප්‍රංශයට අයත් කොර්සිකා දිවයිනේ ඇජාසියෝ නගරයේ ඉස්ලාම් යාඥා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ලවී ඇත. 65000ක ජනගහනයකින් යුතු එම නගරය තුළ පසුගිය බ්‍රහස්පතින්දා රැය පුරා මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර එහිදී විරෝධතාකරුවන් පොලීසිය, ගිනි නිවන හමුදාව සමගද ගැටුම් ඇතිකරගෙන ඇත.

මෙම සිදුවීමට විරෝධය පළකරමින් සිකුරාදා දිනයේ කොර්සිකා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඉන් පිරිසක්ද එක්වී 600 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මුස්ලිම් විරෝධී ප්‍රහාරය සදහා පිටත්ව ගොස් තිබේ. ඔවුන් යාබද පිහිටි ඉස්ලාම් යාඥා මධ්‍යස්ථානයක් විනාශ කර දමා ඇති අතර ‘කුරාණ්’ පොත් අතුළු ඉස්ලාම් ආගමික ග්‍රන්ථ 50ක් පමණ ගිනිතබා විනාශ කර ඇතැයි පැවසේ.

මෙම සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයේ මුස්ලිම් යාඥා මධ්‍යස්ථාවලට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි කෝර්සිකා පොලීසිය පවසයි.

ඉකුත් නොවැම්බර් 13 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශය තුළ මුස්ලිම් විරෝධය උත්සන්න වෙමින් පවතින අතර ප්‍රහාරයට පසු දින ප්‍රංශයේ උතුරු වෙරළබඩ නගරයක් වූ ක්ලයිස් හී ඉස්ලාම් සංක්‍රමණික කදවුරක්ද ගිනිබත් කර තිබිණි. ඉන් පසුවද අවස්ථා කිහිපයක දීම රට පුරා වරින් වර මුස්ලිම් විරෝධි ක්‍රියාකාරකම් සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මූලාශ්‍ර

Related posts

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

Admin

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

ස්කයිප් ලොවින් සමුගනී!

Admin

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin