25 C
Colombo
6 April 2025
Colombo Today Local News

කුරුණෑගල නගරාධිපතිගේ එන්නත් ඥාති සංග්‍රහයට අදාළ හඬපටයක් අළෙවි කරලා. | “දෙරණ අරුණ” මාධ්‍යවේදියකුගේ වැඩ තහනම්

කුරුණෑගල ප්‍රදේශයේ මාධ්‍යවේදියකු  විසින් තම ප්‍රවෘත්තිය සනාථ කිරීමට සාක්ෂියක් ලෙස දෙරණ අරුණ පුවත්පතේ මාධ්‍යවේදියකු වෙත වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබා දෙන ලද රහසිගත දුරකථන සංවාද හඬපටයක් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මුදලට අළෙවි කළ මාධ්‍යවේදියකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට දෙරණ අරුණ පුවත්පතේ පරිපාලනය කටයුතු කර තිබේ.  
 
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ හේමන්ත ලියනපතිරණ නම් මාධ්‍යවේදියෙකි.  

සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛස්ථානය දී ලබා දියයුතු කොවිඩ්-19 ආරක්ෂණ එන්නතේ දෙවැනි මාත්‍රාව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් තම ඥාහි හිතමිත්‍රාදීන් හට ලබා දී ඇති බවට තහවුරු කෙරෙන දුරකථන සංවාද හඬපටයක් අදාළ මාධ්‍යවේදියා මෙලෙස අළෙවි කොට ඇත.

කුරුණෑගල නගරාධිපතිවරයා මුල් වී සිදුකර ඇති මෙම එන්නත් අවභාවිතය පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළ අතර, ඊට අදාළ හඬපටය තමා සන්තකයේ ඇති බව ද පැවසීය.

මේ අතර, එම හඬපටය කුරුණෑගල නගරාධිපතිවරයාටද ලබා දී ඇත.  

එම හඬපටය හේමන්ත ලියනපතිරණට හැර වෙනත් කිසිදු අයකුට ලබා නොදුන් බව හඬපටයේ හිමිකරු වන කුරුණෑගල ප්‍රදේශයේ මාධ්‍යවේදියා පවසයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ හේමන්ත ලියනපතිරණ විසින් එම හඬපට මෙකී පුද්ගලයන් හට මුදලට අළෙවිකර කරනු ලැබ තිබෙන බවයි. මෙම හඬපට ගනුදෙනුවට අදාළ මුදල් හේමන්ත ලියනපතිරණගේ ගිණුමට බැර කළ බැංකු විස්තර ද අනාවරණය වී ඇත.  

කුරුණෑගල නගරාධිපතිවරයාගේ නියෝගයෙන් අදාළ එන්නත් මාත්‍රා තොගය නගරසභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත ඔහු යටතේ සිටින වෙනත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් එන්නත් කරනු ලැබ ඇත.

Related posts

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

colombotoday

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

අපට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න

Admin

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday