Colombo Today Local News

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වු 67 හැවිරිදි පියෙක් ව ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මියගිය පුද්ගලයාගේ දියණිය විසින් වේයන්ගොඩ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

තම සහෝදරයා තල්ලුකිරීමෙන් පියා මියගිය බවට එම පැමිණිල්ලේ සඳහන් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී ද ඒ බව අනාවරණය වී තිබේ.

පෙරේදා දිනයේ දී එම පුත්‍රයා නිවසට පැමිණ තම සහෝදරියට කිසිදු දේපළක් ලබා නොදෙන්නැයි පියාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු පියාව තල්ලුකර ඇත.

එහිදී තුවාල ලැබු පියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) දිනයේ දී අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, පසුගිය ජනවාරි මස සිට මේ දක්වා දරුවන් විසින් දෙමාපියන් ඝාතනය කළ අවස්ථා 4ක් පමණ වාර්තා වී ඇති බවය.

Related posts

කල්මුනේ වෙඩි හුවමාරුව අවසන්… මරාගෙන මැරෙන යැයි සැක කෙරෙන පිපිරීම් තුනක්…

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday