Colombo Today Local News

වැලිපාර්ක් හන්දියේදී බස් රථයක් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී තාප්පයක් ත් ගැටෙයි… දෙදෙනෙක් මරු දකී

නුගේගොඩ, වැලිපාර්ක් හන්දියේදී ඊයේ (6)දින රාත්‍රී 8.00ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ පසුව ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි.

බස් රථය මුලින්ම සරසවි උද්‍යාන මාවත දෙස සිට පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර පසුව බස් රථය මාර්ගයේ විරුද්ධ මං තීරුවට ගොස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ද ගැටී ඉදිරියට ඇදී ගොස් යළි තාප්පයක ද ගැටී තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ පිටුපස ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු සහ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

තුවාල ලැබූ මෝටර් රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

මරණකරුවන් 54, සහ 30 යන වයස්වල පසුවන නුගේගොඩ සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday