ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ප්රතිසංශෝධනයකට ජනපතිවරයා සූදානමින් සිටින බව මීට ඉහතදී අප විසින් වාර්තා කර තිබුණා.
ඒ බව සනාථ කරමින් එම සංශෝධනය ජනපති පදවිප්රාප්තියේ පළමු සංවත්සරයෙන් පසු ඉතා ඉක්මනින් සිදු කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල නිලධාරීන් විශාල පිරිසකට එල්ල වී ඇති අක්රමිකතා හේතුවෙන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.