ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතියට නව අංගයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව මෝටර් රථ නොවන කාණ්ඩ ලියාපදිංචි කිරීම එක් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)අද නිවේදනය කළේය.
විදුලි ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් රථ නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව දැන් ලබා දී තිබෙන බව එම ආයතනය පවසයි.
ලියාපදිංචි කිරීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට දැනුම් දෙන බව ICTA ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.