Colombo Today Local News

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත්කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු ය.

ඒ අනුව එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

එමෙන්ම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශනවලට අදාළ කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි සොයාබලා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළාය.

Related posts

සීගිරියට පොලිතින් තහනම්

colombotoday

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday