නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නො ගත් ඉඩම් හා ගොඩනැගිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනා ගත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව 1008ක් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබන නව ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් බව වාර්තා වේ.