ප්රජාතන්ත්රවාදීය බලයට පැමිණි ආණ්ඩු බලයට පත්වූ දා සිටම පෙරලා දැමීමට සැළසුම් කරනවා වෙනුවට රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බලයට පත්වන ආණ්ඩුවට සහාය ලබාදීම ලොව බොහෝ රටවල සිදු වුවද මෙරට එවැනි තත්වයක් දක්නට නැති බවයි.
අද මෙරට රාජ්‍ය නායකයාගේ කේන්දරය ගෙන ඔහු මැරෙන්නේ කවදාදැයි බලය අහිමි වූවන් සොයමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.