අයවැයට විරෝධය ප්රකාශ කරමින් දිවයිනේ බැංකු කිහිපයක බැංකු සේවකයින් ඊයේ (15දා)කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියට පැමිණ දැවැන්ත විරෝධතාවක නිරතවිය. 2000ට අධික සේවයක පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේය.