Colombo Today Local News

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලට ලබාදී තිබූ රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක පෞද්ගලික ඔසුසල්වලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඖෂධ හිඟයක් දිනපතා පවතින බවට රෝහල් පරිපාලනයට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමුකළ සෞඛ්‍ය බලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද මේ පිළිබඳ දැනුම් දී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සුළු සේවකයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීම සඳහා බෙදා දුන් ඖෂධ තොගයක් මෙලෙස අලෙවි කර තිබේ.

ඒ අනුව ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ සේවය අත්හිටුවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කර ඇත.

මරදාන පොලිසියද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ. මෙම ඖෂධ තොගය අලෙවි කළ පෞද්ගලික ඔසුසල්ද සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

colombotoday

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday